14 December 2017

(Pick)pocketing the Town Hall

Local government elections are typically held immediately after a major election.  What typically happens is that the party winning the latter sweeps the former.  In this sense the forthcoming local government elections are an anomaly.  They are ‘late’.  Very late.  

Numerous excuses were given, among which was the slowness of instituting electoral reform, the length of the delimitation process etc.  Over and above all this, one has to conclude, the regime was wary.  It still is wary.  It appears that this government has concluded that while the delay will come with political costs, a further delay might result in cost-escalation. 

Now that it has been announced, we are in more familiar territory, except for the ‘newness’ of returning to a first-past-the-post system, even in part. Back in the day the identity, track record and general standing of the candidate counted, his or her party also mattered.  It still matters.  

This is why we don’t see much talk about candidates.  It’s mostly about the possible outcome in terms of the major political coalitions, especially considering we are dealing with a double-split here: the yahapalana coalition is split and the SLFP is split as well.  

Analysts will no doubt factor in regime-age, the positives and negatives and their impact, the ‘localness’ of the issue at hand, the flavor of the ‘national’ as per a test of regime-approval, the candidate stature and so on in predicting outcomes.  Outcome preference will no doubt flavor prediction.  There will also be fake ‘opinion polls’ and the inflation or suppression of the results of serious polls.  Then, again in terms of political preferences, the ‘key issues’ will be flagged by one and all.  

In the end the people will decide, their decision based on multiple factors.  We will know, by and by.  Once the results come out, they will be variously read.  Winners will inflate the importance of victory, those who came second best will find one or another reason to celebrate.  In other words, if we take all the readings, we might have to conclude that this election, like all election, only yields winners. 

Let them talk.  Let them brag.  Let us try to understand what local government elections are about.  A recent poster put up by the Janatha Vimukthi Peramuna (JVP) gives us an excellent opening.  It was a simple line: "දෙපැත්තෙන්ම කෑව ඇති.  ජවිපෙට ගම දීල බලමු."   (Both sides have ‘eaten’ enough: Let us give the village to the JVP and see)’

‘Eaten’ could mean ‘consume.’  It also could mean ‘messed up’.   The ‘both sides’ probably refers to the United National Party (UNP) and the Sri Lanka Freedom Party (SLFP).  The JVP probably took the Sri Lanka Podujana Peramuna (SLPP) led by Prof G.L. Peiris and identified with former President Mahinda Rajapaksa as belonging to the SLFP ‘side’.  

There’s no argument about the messing-up part of the claim.  History however does not give the JVP any bragging rights, for the bloody-mess they’ve been responsible for, in part, and of course the crimes of association, having brought the said ‘sides’ to power and helped them out of power on numerous occasions.

The issue is not about the ‘better party’.  The polite suggestion embedded in the poster was not made by some dispassionate and independent individual and certainly not by the ‘village’.  It is the JVP that is saying ‘let’s try us’ as thought they are not talking about themselves.  That’s politics.  

The issue is about giving and getting (and being ‘eaten,’  consumed or messed up).  It is about who is located where.  Is a ‘village’ or or an urban or municipal council or even a nation something that’s there to be given by the voter to this party or that?  What happens after that ‘giving’?  Where does the giving leave the voter (and the village or town or nation)?  How can the voter give what he/she does not necessarily own or owns only on account of location in a collective?  

If we reflect on these questions we might figure out the problem at hand.  It’s about representation or rather true representation.  

Let us put it another way.  The local government body should be located (politically) in the local(ity).  The exercise, as things stands now, is about stuffing the local or the village into the pocket of the local government body.  The local government body is in effect in the pocket of the particular political party that ends up controlling it.  That’s the voter removed two steps from being represented.  

And what of the political party that ends up owning the local government body and therefore the village and the villager?  Well, the political party is in the pocket of the political aspirations and designs of the party leadership.  Ownership of voter, makes for braggadocio. Ownership of a council makes for a bigger brag, ownership so to speak of a party that owns so many councils and therefore so many locales and locals makes for a much bigger strut.  

Let’s try another approach.  Is the Town Hall in Colombo or is Colombo in the Town Hall (the edifice as proxy for the Colombo Municipal Council)?  Is the party that wins the election in the mayor or is the mayor in the party office?  

Now one might argue that none of this need stop an elected member of any local government body from doing some stuff for the village or town or municipality.  True.  But let us not forget that the original plan (not just of the JVP) is to ‘take the village’.  It is culturally and politically an act of theft that is planned, a wresting away of franchise in the name of democracy, frilled with the rhetoric of representation and delivery.  

At the end of the day, the villager lost the village and the citizen lost the nation.   These were robbed in the name of the villager and the citizen and democracy was the name of the caravan that carried away the loot.  

We need to re-think democracy or shed its lie and go for anarchy if not for anything but to live more honest lives as citizens.  

Malinda Seneviratne is a freelance writer. malindasenevi@gmail.com.  

13 December 2017

එකතු කරගන්න බැරි වෙන්නම විසිරිලා ගිය කවියකි ඉන්දික

කවියෙක් නික්ම ගිය පසු කවියක්ම ලිවිය යුතු යැයි සිතට බලකරන මොහොතක් මෙය. ඒත් හදවත පාලු කර වදන් නික්ම ගොස් ඇති බව පමණක් වැටහේ.

ඉන්දික මල්ලි ලියවිය යුතු පදවැල් සේරම එකතු කර ගෙන මහ හඬින් සිනා සී සියල්ල සැඩ සුළඟ කට පූජා කෙරුවද කියලත් හිතෙනවා.  ඒවා අප කාටත් හොයා ගන්න බැරි තැන් වල රැඳිලා ඇති සමහර විට. පෙළක් දෙකක් සොයා ගත්තත් එහෙන් මෙහෙන් කොපි-පේස්ට් කරලා 'කවියක්' කියල කියන්න පුළුවන් මොකක් හරි හදා ගන්න පුළුවන් වුනත්, ඒ ඉන්දික වත් ඉන්දිකගේ කවියක් වත් වෙන්නේ නැහැ. 

ආනන්දය මෙයම වෙන්න ඇති කියල අපට ඒත්තු ගන්නන්න වගේ ඉන්දික හිනා වුනා.

වේදනාව කියන්නේ මෙයමයි කියල දනවන්නත් ඉන්දිකගේ කඳුළ සමත් වුනා.

ඒ අතරේ ඉන්දික ජීවත් වුනා.

ඉන්දික තව කාලයක් ජීවත් වුනා නම් තව තවත් අපව හිනස්සන්න තිබුනා, හඬවන්නත් තිබුනා, කවි ලියන්නත් තිබුනා.  ඒත් දැන් ඉන්දික ගිහින්, නොලියු කවි සේරම සමග.

මට හිතෙන්නේ ලියන්න අවශ්‍යම දේවල් ඉන්දික ලියල ඉවර වුනේ මීට ගොඩාක් කලින් කියලයි.  ඒකම මදැයි කියල හිත හදාගන්න පුළුවන් වෙයි. ඒත් ඒ පසුවට.   දැනට....හිස්තැනක්. 

11 December 2017

ගම is ok: දෙන්න දෙයක් නැහැ, තිබුනත් දෙන්නෙත් නැහැ

"දෙපැත්තෙන්ම කෑව ඇති.  ජවිපෙට ගම දීල බලමු."  ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ පෝස්ටරය මෙයයි.  මීට අවුරුදු විස්සකට විතර පෙර ඒ වගේම පෝස්ටරයක් ගැහුවා. 'උනුත් එකයි, මුනුත් එකයි, මෙදා පාර අපි ජවිපෙට.' ඊට පස්සේ ජවිපෙ විරෝධීන් මෙහම කිව්වා: 'උනුත් එකයි, මුනුත් එකයි, තොපිත් එකයි.' 

මැතිවරණ කාලේ ඔහොම තමයි.  මැතිවරණයක් කියන්නේ 'මමයි පොර' කියල කියාගන්න සමයක්.  සමයමක්.  'ජවිපෙට ගම දීල බලමු' කියන්නේ කොහේ හරි ඉන්න අපක්ෂපාතී නිරීක්ෂකයෙක් වත් ගම වත් නෙවෙයි, ජවිපෙ මයි.  'අපට දෙන්නකෝ' කියල කියන කොට ටිකක් මදි වගේ කියල හිතෙන්න ඇති. 

කොහොම වුනත් 'අපි වෙනස්' කියන කතාව පරණයි.  ඒ විතරක් නෙවෙයි ඒක අර්ධ සත්‍යයක්.  ජවිපෙ මේ රට පාලනය කරපු කාලයක් තිබුන, හරියටම එල්ටීටීඊ සංවිධානය රට පාලනය කළා වගේ.  යටින්.  ඒ කාලේ ජවිපෙ තමන්ව හැඳින්වූවේ 'පුංචි ආණ්ඩුව' කියල.  ඒ පුංචි ආණ්ඩුව මහා ආණ්ඩුව කරන වඩාත් කෙරුව, විශේෂයෙන්ම 'මර්දනය' කියන විෂයට අදාලව. 

ඒවා 'විප්ලවයේ වාස්තවික තත්ත්වයන්' කියන එකට බැර කරමු.  එත් ජවිපෙ ඍජුව හෝ වක්‍රව මේ 'දෙපැත්තට' ම උදව් කලේ දේශපාලන කපටිකමටද අඥානකමට ද නැත්තම් කරකියාගන්න දෙයක් තිබුනේ නැති නිසා ද?  විප්ලවයක් කර ගන්න බැරි නිසා (වාස්තවික තත්ත්වයන් අවශ්‍ය තරම ට මෝරලා නැති නිසා කියමුකෝ) නිර්මාල් රන්ජිත් දේවසිරි කියන විදිහට 'අඩු තීව්‍රතා විප්ලවයක්' කරන තැනට පසු බසින්න වුනාද?  ඒ සඳහා 'හොරුත් සමග හෙළුවෙන්' ඉන්න වුන එක විප්ලවයේ ජීව ගුණය කියා පානවා කියල ජවිපෙ හිතනවද? 

ජවිපෙ 'දෙපැත්ත' කියල කියන්නේ කාටද?  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ට ද?  පොහොට්ටු කාරයෝ  'කෑවේ නෑ' කියලද ජවිපෙ කියන්නේ?  නැත්තම් එයාලත් 'ශ්‍රීලංනිපය' තුලට දාල ද මේ 'දෙපැත්තක්' ගැන කතා කරන්නේ?  කෙසේ වෙතත් ඔය කියන දේශපාලන පක්ෂ හෝ සන්ධාන හෝ බලවේග සියල්ලටම 'කන්න' කෑම මේසය ලැස්ති කරන්න ජවිපෙ දායක වුනේ නැද්ද? 

ජවිපෙ කියන්න හදන දේ ටිකක් අපැහැදිලියි.  ජවිපෙ ද දෙපැත්තෙන් ම කෑවේ?  මොනවාද කෑවේ?  නැත්තම් කියන්න හදන්නේ ජනතාව (නැත්තම් 'ගම') දෙපැත්තෙන් ම කෑව කියලද? කෑවේ මොනවාද?  ජරාවද ගුටි ද? 

ජවිපෙ පණිවුඩය අපැහැදිලියි.  ඒකෙ ලොකු අවුලක් නැහැ, මන්ද ජවිපෙ පරණ නිසා. එන්නේ මොකාටද, යන්නේ කොහෙටද කියන එක අමුතුවෙන් විභාග කල යුතු නැති නිසා.  ඒ කියන්නේ 88-89 ට පසුව ජවිපෙ අළුත් වුනා නම් ඒ 'අළුත් ජවිපෙ' දැන් පරණ වෙලා.  ශ්‍රීලංනිපයට, එජාපයට, ඉපැරණි වමට වගේම පොහොට්ටු කාරයින් ට වඩා තරුණ වුනාට ජවිපෙ කියන්නේ මොකද්ද කරන්නේ මොකද්ද යනාදිය හිතාගන්න පුළුවන් තරමට ජවිපෙ මහළු වෙලා.  පෝස්ටරයක මොන දේ කිව්වත්, මොන තරම් නිර්මාණශීලී වුනත්, ජවිපෙ කව්ද කියන එක මිනිස්සු දන්නවා (එජාපය ගැනත්, ශ්‍රීලංනිපය ගැනත්, පොහොට්ටු කාරයෝ ගැනත් එච්චරයි). 

ඒ වුනාට අපැහැදිලි විදිහට හරි ඉදිරිපත් කරලා තියෙන පෝස්ටරය පවතින දේශපාලනය තේරුම් ගන්න ඉවහල් වෙනවා. 

'අපට ඡන්දේ දෙන්න' කියන හැම පොස්ටරයකම දේශපාලන සංවිධාන කරන්නේ තමන් විසින් තමන් සමග තමන් සඳහා 'ගම' ගසාකන එක. ගමේ හඬ නෙවෙයි ඇහෙන්නේ ගම විකුණන් කන්න සෙට් වෙන අයගේ හඬ.  මෙය ගමටත් රටටත් පොදු තත්ත්වයක්.  ගමෙත් රටෙත් ඉරණම මෙම දේශපාලන මොහොතේ තීන්දු කෙරෙන විදිහ විස්තර කරන ක්‍රියාවලියක්.

මේ විදිහට හිතමු.

ප්‍රාදේශීය සභාව තිබිය යුත්තේ ගම තුලයි.  ඒත් ගම තියෙන්නේ ප්‍රාදේශීය සභාව තුලයි. ප්‍රාදේශීය සභාව තියෙන්නේ (අදාළ) දේශපාලන පක්ෂය තුලයි.  පක්ෂ තියෙන්නේ නායකයින්ගේ සාක්කුවේ (දේශපාලන නායකයෝ ඉන්න ඕනේ පක්ෂයේ සාක්කුවේ, ඒත් එහෙම වෙන්නේ නැහැ).  නායකයෝ ඉන්නේ සමස්ථ දේශපාලනය තුල තම තමන් ස්ථානගත වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය තුල යි. 

ජවිපෙට වගේම අනෙකුත් දේශපාලන පක්ෂවලට ගමත් දීල රටත් දීල ගම කාගත්ත හැටිත් රට කාගත්ත හැටිත් ජවිපෙ වත් අනෙකුත් දේශපාලන පක්ෂ කතා කරන්නේ නැහැ. 

අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කලේ පක්ෂ දේශපාලනය.  මේ එකෙකුට වත් ගමවත් රට වත් දීල ආයෙත් කෙලවගන්නේ මොකටද කියන ප්‍රශ්නේ විතරයි ඉතුරු වෙලා තියෙන්නේ.  ගම ඉතුරු කරගන්න නම්, රට ඉතුරු කරගන්න නම්, ගමෙනුත් රටෙනුත් මේ දේශපාලන තක්කඩි එලව ගන්න ඕන. 

ඡන්දේ හිඟා කන්න එන ඕනෑම එකෙකුට කියන්න තියෙන්නේ මෙච්චරයි: 'සොරි සහෝ, උදව් එපා, වදත් එපා, වද නොදී යන්න, ඕකේ?'


10 December 2017

ආඥාදායකත්වයන් සහ ආඥාදායකයින් සමග ගනුදෙනු බේරාගත යුතුයි

'The tyrannies we inhabit and those which reside within us' ලිව්වේ මීට වසර 7 කට පෙර.  ඒ කාලේ දිලීප ලෝරන්ස්-හේවා කියල මිත්‍රයෙක් මම ලියන දේවල් ගැන උනන්දු වුනා.  ඒවා ගැන යම් යම් අදහස් ඉදිරිපත් කලා.  විවිධ ලිපි වගේම විවිධ අදහස් වෙත මාව යොමු කලා.  මීට වසර හතකට පෙර වෙයින් ඩයර් ( Wayne Dyer) ගේ ‘The sky’s is the limit’ (සීමාව අහස වේ) කියන පොත ගැන දිලීප මට කිව්වා.  දිලීප කිව්වේ ඩයර් ට අනුව ජීවිතය කියන්නේ  අඩු වැඩි වශයෙන්  'අනෙක් අය අප ගැන ඇති අපේක්ෂාවන් වලට හැඩගැහීමක්.' දිලීප මේ තත්ත්වය 'ආඥාදායකත්වයට ගොදුරු වීම,' හැටියටයි හඳුනගත්තේ.

එවිට මට නැවතත් නිතර නිතර මතක් වෙන පොතක් සිහියට ආව.  ෆිලිප් ගෝවවිච් (Philip Gourevitch) ගේ '‘We regret to inform you that tomorrow we will be killed with our families’ (කනගාටුවෙන් ඔබලාට දැනුම් දෙන්නේ හෙට අපගේ පවුල් සමගින් අපව ඝාතනය වනු ඇති බවයි).  1998 වසරේ ප්‍රකාශයට පත්වුන මේ කෘතියේ රුවන්ඩා හි ඒ දවස් වල සිදුවූ මිනිස් සංහාරය විස්තර කරලා තිබුන.  එහි බලය ගැන මෙහෙම අදහසක් අඩංගුයි: 'බලය යනු වෙන කෙනෙකුට ඔහුගේ හෝ ඇයගේ යතාර්ථය පිලිබඳ තමාගේ කියවීම තුල වාසය කිරීමට සැලැස්වීමයි.'

බලය යන වචනය ඇසු විට ඉබේටම සිහිගැන්වෙන කාරණා (රාජ්‍යය, හමුදාව, ප්‍රචණ්ඩත්වය, මර්දනය, ධූරාවලි යනාදිය) වලින් එපිට දේවල් වලට දිලීපගේ කියවීම අදාළ යි කියා මට හිතුන.

ආඥාදායකත්වය කියන්නේ හුදෙක් තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියෙන් ජනතාව ඉවත් කිරීම හෝ හිතුමනාපෙට නීති පැනවීම හෝ තක්කඩිකම් හමුවේ ජනතාව අසරණ කිරීම හෝ නොවේ. පාලනය හැමවිටම දෘඪ නෑ; ඇතැම් අවස්ථාවල දී මෘදුයි, ලයාන්විතයි. දනී නොදනී ගොස් අමතක වන තරමට ම.  එහි අවසාන ප්‍රතිඵලය 'ඕව ඔහොම තමයි බං' කියන තැනකට ජනතාව පත්වීමයි, එවැනි මානසිකත්වයක් තුල නේවාසික වීමයි.

නෙවාසිකත්වයේ මාන තීන්දු කර ඒවාට අනුකූල වූ මානසික සිරකුටු හදන දෙවියෙක් හෝ යෝධයෙක් හෝ බලවතෙක් නෑ.  ඒ වුනාට සමාජය ව්‍යුහගත වෙන්නේ අඩු වැඩි වශයෙන් බලවතුන් වඩා කැමති ප්‍රතිඵල නිපදවෙන විදිහටයි. ව්‍යුහය මෙන්ම එය තුල චන්ඩි පාට් දාන අයට ද බොහෝ අවස්ථා වලදී විරෝධයේ දිග පළල සහ හැඩය තීන්දු කරනවා.  ව්‍යුහය කුඩුපට්ටම් කරන හෝ එහාට මෙහාට ඇදල හැඩය වෙනස් කෙරෙන අවස්ථා නැතුව නෙමෙයි, එත් විරලයි.

කෙසේ වෙතත් නීති සහ තුවක්කු වලින් ජනතාවක් මෙල්ල කල හැකි මුත් වඩා පහසු සහ කාර්යක්ෂම සහ දිගුකල් පවතින මෙල්ල කිරීම නම් ගොදුර එක්තරා අලස, අකාර්යක්ෂම තත්ත්වයකට පත්කිරීමයි. එතනදී පීඩිතයාට තමා පීඩිතයෙක් ලෙස පෙනෙන්නේ නැත.  පීඩිත ක්‍රියාවලිය පීඩාවක් ලෙසද පෙනෙන්නේ නැත.  පවතින තත්ත්වයට කවුරුන්හෝ වගකිව යුතුයි කියා සිතීමට පෙළඹෙන්නේ නැත.  පවතින ක්‍රමය තුල විසඳාගත හැකි දෝෂයක් ලෙස වත් එය තේරුම් ගන්නේ නැත.  'ඕව ඔහොම තමයි' කියල හිත හදාගන්න තැනක ට පීඩිතයා පත් වෙයි. හරියට දෙවියෝ එහෙම නියම කරලා වගේ.  එත් ඔය 'දෙවියෝ' අහිංසක නැහැ වගේම 'දෙයියෝ දුන්න දේ නේ' කියල හිතන්න පුරුදු කරන එකත් අහිංසක නැහැ.  එහෙම හිතන්න පුරුද කිරීම සහ පුරුදු වීම පීඩකයා ට බොහෝ වාසි සහගත තත්ත්වයන් උදා කරලා දෙනවා.  කලබල නැතුව, වැඩි වියදමක් නැතුව, තුවක්කු බැටන් පොලු කඳුළු ගෑස් වාරණ යානාදිය භාවිතා කරන්නේ නැතුව තක්කඩිකම් ලස්සනට කර ගෙන යන්න පුළුවන් එතකොට.

මෙහෙම හිතුවොත් හොඳයි: 'ඕව සාමාන්‍ය දේවල්' කියල විස්තර කරන 'සාමාන්‍ය දේවල්' නිර්මාණය වෙන්නේ 'සාමාන්‍ය' නැත්තම් ස්වභාවික විදිහට නෙවෙයි.  ඒවා නිර්මාණය වෙන්නේ විෂම සමාජ දේශපාලන ආර්ථික වටපිටාවක් තුල.  ඇතැම් විට එම වටපිටාව තුල ඇති බල අධිකාරියේ උවමනාවට.  ඒවා සාමාන්‍යයි නැත්තම් ස්වභාවිකයි කියල හිතන එකත් එහෙම හිතල ඒවා වෙනස් කල නොහැකියි කියා නිගමනය කරන එකත් එම බල අධිකාරියට වාසි සහගතයි.

 තුවක්කුවකට පපුව ඉදිරිපත් කිරීම මෝඩ වැඩක්.  තුවක්කු මගහැරලා යෑම මොලේ ඇති වැඩක්. ඒත් නැති තුවක්කු වලට බය වීම නොකලමයුතු දෙයක්.  තුවක්කුව 'ස්වභාවික' නෑ, 'සාමන්‍යයත්' නෑ.  බලය ට විවිධ ස්වභාවයන් තිබුනත් බලය 'ස්වභාවික' හෝ 'සාමාන්‍ය' වෙන්නේ නැහැ. 

ගතවූ නිශ්චිත පැය ගණනක් තුල කල සියලු කාර්යයයන් එකින් එක සලකලා බැලුවොත්, එහෙම නැත්තම් අවසානයට කල කාර්යයන් 20 හෝ 30 හෝ 100 මොනවාදැයි කියල කල්පනා කලොත් අප ජීවත්වන්නේ හෝ අපට ජීවත් වීමට සිදුවී ඇත්තේ ව්‍යවස්ථාවේ කියවෙන නීති පද්ධතියකට පමණක් අවනතව නොවන බව පැහැදිලි වනු ඇත.  නීති වලට යටත් වනවා වගේම රීති වලටද අවනත වෙනවා.  මෙය 'සමාජ සම්මුතිය' හැටියට දකින්න පුළුවන්.  එත් මේ නීතියටවත් රීති පද්ධතියකටවත් අහු නොවන වෙනම ආකාරයේ 'විනය පද්ධතියකට' ත් අවනත විය හැකි බව තේරුම් ගත යුතුයි.  අහිංසක නොවන 'ස්වභාවිකකරණයක්' හැටියට මෙය තේරුම් ගන්න පුළුවන්.

පීඩකය අප වෙත පැමිණෙන්නේ 'මම පීඩකයෙකි' කියල ලොකු අකුරින් ලියල තියෙන පෝස්ටරයක් උස්සගෙන නෙවෙයි.   ආඥාදායකයෝ  'අවනත වෙයං ඩෝ!' කියල කෑ ගහගෙන එන්නේ නැහැ.  එහෙම නොවුනත් පීඩනය තියෙනවා. ම්ලේච්ඡකම් සිද්ද වෙනවා. 

තක්කඩියින්ට අතවනන, තක්කඩියින් බෝ කරන, තක්කඩයින් ආරක්ෂා කරන නීති පද්ධතියක් ඇත.  අධිකරණ ව්‍යුහයක් ඇත.  පොලීසියකුත් ඇත. අවශ්‍යනම් හමුදාවකුත් ඇත.   මේ හැම දෙකටම පරිභාහිරව විරෝධය මෙල්ල කරන්න මැරවරයින් ද ඇත.  විරෝධයට නායකත්වය දෙන සමහර අය නිහඬ කරන්න සල්ලි ද ඇත.  වැදගත් ම වන්නේ මේ හැම දේටම උදව් කරන්න සාමාන්‍ය මිනිස්සුන්ගේ ඔළුගෙඩි ඇතුලේ සහායකයෙකුත් ඉන්න එකයි.

ගොවවිච් කතා කරන්නේ එයා ගැනයි, එම තත්ත්වය ගැනයි.  දිලීප කියන්නෙත් ඒකමයි.  එනම් සතුරා ඉන්නේ පිටම නෙවෙයි, අප තුලයි.  දරුණුම ආඥාදායකයා මොහු වේ.  කාලකන්නි ම ආඥාදායකත්වය මෙය වේ. 

සරල උදාහරණයක් ගමු.  අහවල් සබන් කැටය තොර ගත්තේ ඇයි කියල අපි අපෙන් ම අහනවද?  අපගේ (කියල කියන/හිතන) තෝරාගැනීම් ඇත්තටම 'අපේ' ම ද?  අපි ජීවත්වෙන්නේ අපට ඕන ජීවිතද අනුන් අපෙන් බලාපොරොත්තු වන ජීවිතද? මේ වගේ ප්‍රශ්න අපි අපෙන් ම අහනවද?  අහන්නේ නැත්තම්, ඒ ඇයි?

සම්මතයට විරුද්ධ වීම යෝජනා කිරීමක් නොවේ මෙය.  එහා ගෙදර ඉන්න සුනිල් සතුටු වෙන විදිහට ජීවත් වීමේ වරදක් නෑ, එසේ ජීවත්වීමෙන් සතුටක් තෘප්තියක් ලැබෙනවනම්.  ඒත් සුනිල් ඇත්තටම අහිංසක ද?  ඒ ගැන අපි කල්පනා කරලා තියෙනවද?

ඇත්තටම සිදුවන්නේ කුමක් ද?  බොහෝ අවස්ථාවලදී  ගොඩ වෙන්න පහසුම කෝව ඇතුලට අපි ගොඩ වෙනවා.  පසුව ගොඩ වුනේ කව්රුවත් බල කරලා නෙවෙයි කියන එක අමතක කරනවා.  ඒ අතරේ 'මේක මහා වදයක්,' 'මෙතන හැරෙන්නවත් නිදහසක් නැහැ' කියල දුක් වෙනවා.  තරහ යනවා.  සමහර විට 'මොනවා කරන්න ද.....ඕව ඔහොම තමයි' කියල හිත හදාගන්නවා.  තක්කඩිකමකට 'ස්වභාවිකයි' කියල කියනවා.  තක්කඩිකමට සම්මාදම් වෙනවා.  තක්කඩිකමටත් තමන්ටත් 'අහිංසක' ලේබලය අලව ගන්නවා.

කෝව ඇත්තටම තියෙන්නේ හිත ඇතුලේ.  ඒ ගැනත් හිතන්න ඕන.

ආඥාදායකයින් හැදෙන්නෙත්, වැඩෙන්නේත්, අවශ්‍ය නම් අපව තලන්නේත් එහෙමයි.  අපව පෙළන මතවාද බලෙන් අපේ හිත තුලට කා වද්දනවට වඩා සිද්ද වෙන්නේ අපි කැමැත්තෙන් (අලසකම නිසා හෝ ඒ ගැන වැඩිය නොසිතූ නිසා) ඒවා වැළඳ ගැනීමයි.  ඒවා ඉන්පසුව ජීවිත භාවිතය හරහා නඩත්තු කිරීමයි.

දිලීපටත්, ගොවවිච්ටත්, ලුවී ඇල්තුසෙයර්ටත් ශතවර්ෂ ගණනාවකට පෙර මෙය සිද්ධාර්ථ ගෞතම පැහැදිළි කරලා තියෙනවා.  නැවත නැවත, නැවත නැවතත්, 'මම' විමසිය යුත්තේ එබැවිනි.  අපේ සිත් තුල ආදරයෙන් නඩත්තු කරන ආඥාදායකය සමග ගනුදෙනුවක් තියෙනවා අපි නිතර නිතර මග හරින.

මට වඩාත් ම ආදරේ මම මයි.  මට දරුණුම හතුරුකම් කරන්නෙත් මම මයි.  මා පෙළන ආඥාදායකයා මම මයි.  මාව සිරගත කර ඇත්තේ ද, මා බැඳ තබා  ඇත්තේ ද, සිරකුටිය අභියස මුරකරු ද, මම මයි.

ඒ මම.  ඔබ?  අප?

සකල දේශවාසී පීඩිතයින් නිදහස් කිරීමට පෙර කල යුතු යමක් ඇත.  විප්ලවයේ අනිවාර්යය පූර්වකොන්දේසිය එයයි. අප තුල වෙසෙන, අප විසින් හදාවඩා ගන්නා ආඥාදායකයා ට ආයුබෝවන් කිවයුතුයි. 

දිලීප එකඟ වේවි

[2010 දෙසැම්බර් මස 9 වනදා  'Daily News' පුවත්පතේ පළවුණු 'The tyrannies we inhabit and those which reside within us' ලිපියෙහි පරිවර්තනයකි]


"අපි....ගෝතයින්ට බයයි නංගියේ....."

කොඳු ඇති සහ නැති නායකයෝ

ශ්‍රේෂ්ඨාධිකරණය මහජන උවමනාව සහ දේශපාලන උවමනාව පටලවා ගෙන ද?

කොලේ ඉරාගෙන ඇඟේ හලාගන්නේ නැතුව ඉන්න නම්....

මැච්-ෆික්ස් කරල ඇප නැති කර ගැනීම

09 December 2017

The tyrannies we inhabit and those which reside within us

Dileepa Lawrence-Hewa, someone who occasionally sends me comments on articles and directs me to interesting articles and ideas, wrote to me this morning. He recommended a book, Wayne Dyer’s ‘The sky’s is the limit’. Dyer, he says, observes that life is by and large describable as conforming to others’ expectations. He calls it, Dileepa says, ‘being sucked into authoritarianism’.

Now this reminded me of a book whose title I’ve mentioned many times when discussing ‘power’: Philip Gourevitch’s ‘We regret to inform you that tomorrow we will be killed with our families’. It was published in 1998 and refers to the massacres that took place in Rwanda around that time. The telling line was this: ‘Power consists of making others inhabit your version of their reality’.

Dileepa’s email made me realize that Gourevitch’s definition can have applications outside the classical associations of power, i.e. the State, the military, use of force, visible subjugation and hierarchies. Authoritarianism is not only about keeping people out of decision-making processes, imposing arbitrary laws and creating and forcing people to inhabit a culture of impunity. There is also a soft and non-intrusive kind of control which persuades a different kind of inhabitation, a quiescent, this-is-how-it-is kind of residency.

There is no god or a vile set of big bad men out there plotting the dimensions of residency, but society does get structured in ways that are more likely to produce the outcomes preferred by the powerful. The structures as well as those located in arm-twisting positions within them define the parameters of resistance for the most part. Rupture is not impossible, but remains a rarity. 

While laws and guns can obtain obedience, the more insidious instruments of subjugation are those which are so goes-without-saying that few will even question why or how they came-without-saying.

It is also called taking things for granted, in the worst sense of that term. We inhabit realities which we believe or are led to believe are not only unchangeable but are proper or at least the best they could be. Or we throw our hands up in resignation, convincing ourselves that even our best efforts would not change anything.

I am not saying that all conformities are enslaving; a certain code of ethics, for example, can be necessary, some can argue, to maintain social coherence and keeping volatility out. It would be quite alright if it was a conscious choice, but for the most part people are ill-informed and less given to reflecting on the ‘things-as-they-are’. It is one thing to make sure you don’t step on tyranny’s foot because you know the consequences and quite another to give that foot a wide berth because ‘that’s-how-it-should-be’.

If you take some time to analyse the last 100 acts, i.e. from the expression that materialized on face at a given moment to choice of tie and the use of certain words over others, you will know that we inhabit ‘rule-universes’ as though it was second nature to do so in the ways we do.

Not all authoritarians arrive with a big placard and a comprehensive communications campaign claiming tyranny and demanding acquiescence on this account. The use of one word instead of another, the choice of voice over silence or vice versa in specific moments, the preference for this friend’s company and not that of that friend’s, none of these things are totally innocent although we might brush such claims off as ‘nonsense’. 

The most pernicious of tyrannies are not those which we do not have the strength to overthrow but those which we embrace on account of ignorance and sloth.

Do we pause to ask ourselves why we picked up a particular brand of soap from the supermarket and not another? Are our life choices really ours? Are we really who we are or are we products of a striving to appear ‘acceptable’? Do we live our lives or the lives that others want us to live?

I am not making a case for non-conformity, by the way. I see nothing wrong in being what Sunil next door wants me to be, but only if I believe that’s who I want to be, makes me happy and feel wholesome.

Too often, though, I feel that we do the easy thing of uncritically accepting residence in the moulds that are made for us, instead of being who we are.

This is the way that tyrannies become entrenched, the way in which ideologies creep into our systems and we end up affirming them without even realizing that this is what we do.

Again and again, I arrive at the teaching of Siddhartha Gauthama. Reflection. Reflection. 

Reflection. Especially on ‘self’, that unreal and unrelenting, apparently inescapable prison and in the final instance the wall of illusion that has to be systematically broken down.
The tyrannies that we inhabit, the realities defined by others that we take residence in, these things are only part imposed. Much of it is of our making.

We are our greatest lovers, most pernicious of enemies.

I am the tyrant that suppresses me, the guard that watches over my incarceration, maker of my sorrows, maker and breaker of chains.

I think Dileepa would agree.

[Originally published in the 'Daily News' (December 9, 2010) to which paper I wrote an 'everyday column' back then]

"අපි....ගෝතයින්ට බයයි නංගියේ....."

"සකල දේශවාසී ගෝතයිනි මතකය අවදි කරව්; තොපිලට නැතිවීමට ඇත්තේ තොපිලගේ දීනකම් පමණයි"  -- කාලකන්ණි මාර්ක්ස් (කාල් මාක්ස් ගේ මුනුපුරු)

1988 වර්ෂයේ අග භාගයේ මුළු රටම එක්තරා පොස්ටරයකින් වැහුන.  'මේ කව්ද? මොනවාද කරන්නේ?' යන ප්‍රශ්න දෙකෙන් හදපු පෝස්ටරයක්. පාට තැඹිලි.  කිතුහලය ප්‍රචාරණය වෙනුවෙන් දේශපාලනයේ යොදාගත් පළමු අවස්ථා ව මෙයයි.  ලංකාවේ.  අදහස වික්ටර් හෙට්ටිගොඩ සහ ජී. ඩබ්. සුරේන්ද්‍ර යන අයගේ.  ඇලෙව්වේ අරඹවෙලගේ  දොන් උපාලි රන්ජිත් නොහොත් සොත්ති උපාලි.  ඒ කාලේ ඒ විදිහ පෝස්ටරයක් රට පුරා අලවන්න පුළුවන් කමක් තිබුනේ සොත්ති උපාලි වගේ අයට විතරයි.

පසුව, මේ ප්‍රශ්නවල ට උත්තර සැපයූ පෝස්ටරයක් රට පුර ඒ අයම ඇලෙව්ව.  උත්තරය පටන්ගත්තේ වචන දෙකකින්: 'මෙයා තමයි...'  ඉන් එහාට තිබුනේ රණසිංහ ප්‍රේමදාස ගේ පම්පෝරිය.  ප්‍රේමදාස ගේ ජනාධිපති මැතිවරන සටන් ආරම්බ වුනේ එහෙමයි.

කුතුහලය අවුස්සන පෝස්ටර් වටයක් පහුගියදා දකින්න ලැබුන.  ඔක්කොම ගෝඨා ගැන. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ගැන.

මුලින්ම ආවේ ගෝඨා ගේ පෝස්ටරය: 'ගෝඨා අපේ' .  ජාතකය 'අපි වෙනුවෙන් අපි'.  කෙලින්ම යුධ ජයග්‍රහණයත් ත්‍රිවිද හමුදාවේ සියළු දෙනාත් සංඛේතාත්මකව ගෝඨාට යා කරන පෝස්ටරයක්.  පොඩි කුතුහල්-කැම්පේන් එකක් අර ප්‍රේමදාස ගේ එක වගේ.  පුංචි ඡන්දෙට ගෝඨා ඉදිරිපත් වෙන්නේ නැති බව පැහැදිලියි.  එහෙනම් මේ ගෝඨා එන්නේ ජනාධිපතිවරණයට වෙන්න ඕන.  ඒ කියන්නේ 2020 දී ගෝඨා ඉල්ලනවා කියන එක නැත්තම් '2020 දී ගෝඨා ඉල්ලුවොත් හොඳයි' කියන එක.

කාට හරි රිදිලා.  කවුරු හරි බය වෙලා.  එහෙම නැත්තම් ඔය පෝස්ටරය ගැන කලබල වෙන්න ඕනේ නැහැනේ.

කොහොම හරි 'රිට(ර්)න්' එකක් දාන්න ඕන කියල හිතන්න ඇති.  ඉතින් 'රිට(ර්)න් පොස්ටරයකුත් ගැහුවා.  එකක් නෙවෙයි.  දෙකක්ම ගැහුවා.

එකක මෙහෙම තිබුන: 'අපි වෙනුවෙන් මිනීමරුවෙක්.'  අනිත් එක ඊට වැඩිය නිර්මාණශීලීයි: 'ගොතා බය අමතකද?'  ලේ පැල්ලමකුත් සමග.

දැක්ක ගමන් මට මතක් වුනේ  නමින් සිංහල වූ ඒත් සිංහල කතා කරන්න බැරි කොළඹ ඉන්න සමහර උදවිය ගෝඨා ගේ නම උච්චාරණය කරන විදිහ.  ඉතිහාසය ගැන වැඩිය නොදන්නා නිසා වෙන්න ඇති.  නැත්තම් සිංහල කියවගන්න බැරුව ඇති.  වැඩිය ඇහෙන්නේ නැති නමක් ඉංග්‍රීසි පත්තර වල දැක්කම එක එක විදිහට උච්චාරණය කරන්න පෙළඹෙනව.  එයාල ගෝඨා ගේ නම මිස්ප්‍රොනවුන්ස් කරනවා මට ඇහිල තියෙනවා.  එයාල ගෝඨා ට කියන්නේ 'ගෝටබයා' කියල. 'ගෝට' සහ 'බයා' අතර පොඩි හිස්තැනක් තියෙන විදිහටයි උච්චාරණය කරන්නේ.  ඒ කියන්නේ 'ගෝ-ටබයා' නෙවෙයි 'ගෝට-බයා' කියල.

කොහොම වුනත් මේ 'ගොතා බය' කියන පද පෙරළිය නියමයි.  බොහෝ දේ කියන්න උත්සහා කරනවා.  නොකියූ දේවලුත් කියවෙනවා.  ඒ ගැන කතා කරමු.

ඇත්තටම ගෝඨා ට බය වෙන්න ඕනද?  සතියකට පෙර 'අඩෝ! මම බය නෑ ඩෝ!' කියල පෝස්ටරයක් ගහපු කෙනෙක් ඉන්න රටක ගෝඨා ට  නෙවෙයි මොකෙක් ට වත් බය වෙන්න ඕනේ නෑ නේ (අර 'මම බය නෑ' කියපු හාදය ට ඇරෙන්න). ගෝඨා ගැන බය වෙන්න හේතුවක් නැති නම් ගහන්න තිබ්බේ මේ වගේ එකක් කියලයි මට හිතෙන්න 'ගෝඨා ට එන්න කියාපිය....මම ඕකට බය නෑ ඩෝ!'  එහෙමත් නැත්තම් අර බිග් මැච් එකක වගේ මේ විදිහට දාන්න තිබ්බ: 'ගොඨලාට අපි බය නෑ....බය නම් අපි එන්නෙත් නෑ!'

මට පේන විදිහට පොස්ටරෙන් නොකියවෙන දේ කියන දේ ට වඩා ප්‍රබලයි: 'ඇත්තම කතා ව මම (අපි) ගෝඨා ට බයයි.' ඒ ගෝඨා ගේ චන්ඩි පාට් නිසා කියල කියන්න පුළුවන්, ඒත් මට නම් හිතෙන්නේ ගෝඨා ගැන බය වෙලා තියෙන්නේ තම තමන්ගේ (ඒ කිව්වේ පෝස්ටර් මාස්ටර් ල ගේ) දේශපාලන අනාගතය ගෝඨා නිසා කේස් වෙයි කියල.

කෙසේ වෙතත්  ගෝඨා පිලිබඳ බයක් නෙවෙයි නේ මෙතන තියෙන්න...මෙතන බය මතක් කරන්න කියන්නේ 'ගෝතයෙක්' ගැන.  ආයෙත් පෝස්ටරය මතක් කරමු: 'ගොතා බය අමතකද?'

ගෝතයෙක් කියන්නේ සාමාන්‍ය වහරේ වැඩකට නැති කෙනෙක්, කාලකන්ණියෙක්, නිකමෙක්, වාතයක්.  එහෙම එකෙක් ට බය වෙන්නේ මොනවටද?  එහෙම එකෙක්ට කාව වත් බය කරන්න පුළුවන් ද?  ඒ වගේ එකෙක් ට ද මෙච්චර බය වෙලා තියෙන්නේ?  එතකොට අපි ඔය කියන ගෝතයා කෙසේ වෙතත් පෝස්ටර් වීරයාගේ වීරත්වය ගැන මොනවාද තීන්දු කල යුත්තේ?  ඒකා ඔය ගෝතයාටත් වඩා දුර්වලයෙක් වෙන්න  ඕන කියලයි මම නම් නිගමනය කරන්නේ.

ඒ වුනාට ගෝඨා ට බය වෙන්න හේතු නැත්තෙමත් නැහැ.  සහෝදරයා ගේ බලය තමන් වෙත ආරෝපණය කරගත්ත කෙනෙක් ගෝඨාභය කියන්නේ.  තමන් ගේ බලය හෝ දේශපාලන/ඥාති සම්බන්කධ කම් පාවිච්චි කරමින්  විවිධ ප්‍රතිවාදීන් ට තරවටු කරපු ඥාති හිතමිත්‍රාදීන් ගේ තක්කඩිකම් වලට අවසර දුන්න නැත්නම් අතහිත දුන්න එහෙමන් නැත්තම් අඩුම තරමින් සිය නිහඬ අනුමැතිය හරි දුන්න කෙනෙක් ගෝඨා.  ඔහු ගෝතයෙක් නෙවෙයි, ඒත් අහිංසකයෙකුත් නෙවෙයි. පහුගිය රජයේ බලගතුම නිලධාරියා ගෝඨා.  සිද්ද වූ මැරකම් ජඩකම් ගැන ගෝඨා නොදන්නවා විය නොහැක.  ඔහුට බය විය යුතුය.  විශේෂයෙන්ම ඔහු ට මේ රටේ විධායක ජනාධිපති වීමට උවමනාවක් තියෙනවා නම්, එම උවමනා ව සාක්ෂාත් කර ගැනීම සඳහා වටපිටාවක් නිර්මාණය වෙමින් පවතිනවා නම් ඒ ගැන යම් තක්සේරුවක් තිබිය යුතුයි (බය වීම කෙසේ වෙතත්).

අපි යමු මුලටම.  ඒ කියන්නේ මේ 'ගෝතා බය' මතකද අමතකද කියන එක.

ඒ ගැන මට මෙහෙම දෙයක් හිතෙනවා.  අමතක නැහැ, ඒත් එහෙම බයක් තියෙන බව පිළිගන්න සූදානම් නැහැ.  කල්පනා කරලා බැලුවම මේ රට පාලනය කරපු සහ කරන බොහෝ දෙනෙක් වැඩකට නැති, කාලකන්ණි, වාත පොරවල්.  ඒ වුනාට ඒ නිකමුන්ට අපි ජනතාවක් හැටියට බයයි.    ඒ කියන්නේ අපි ගෝතයින්ට බයයි.  ගෝතයෝ එද්දී නැගිට්ටෙනවා.  ඉංග්‍රීසි භාෂාවේ පහසුවෙන්ම මතක් වන වචන දෙක මතක් වෙනවා.  මැඩම්.  සර්.  මඩම් කියල කියවෙනවා. සර් කියවෙනවා.  සමහරවිට අපි අපටත් හොරෙන් හිතනවා වෙන්න පුළුවන් ඒ විදිහට ආමන්ත්‍රණය කෙරුවම එයාලගේ ගෝත ස්වභාවය අපටම අමතක වෙලා ඒ අමතක වීමත් සමගම අපේ දීනකමුත් මැකිලා යනවා කියල.

ඉතින් අපි සර්ලව මැඩම්ලව බලයට පත් කරලා 'අඩෝ සර්ල ව මැඩම්ලව බලයට පත් කෙරුවේ අපි තමයි ඩෝ!' කියල පොර ටෝක් දෙනවා.  අපේ ගෝත කම් එතකොට අපට අමතක වෙනවා.  එහෙම නැත්තම් ගෝත සෙට් එකක් බලයට පත් කරලා එයාලට සර් නැත්තම් මැඩම් කියල ආමන්ත්‍රණය කරනව.  සර් මැඩම් කියල ආමන්ත්‍රණය කෙරුවම අපි බලයට පත් කරලා තියෙන්නේ ගෝතයින් නෙවෙයි නෝනාවරු මහත්තුරු කියල හිත හදාගන්න පුළුවන්.

එහෙම බලනකොට ගෝතයින්ට බය වෙනවා කියන්නේ අපිටම බය වෙන එක, මොකද අපි තරම් වැඩකට නැති, කාලකන්ණි, වාත පොරවල් මේ ලෝකේ කොහෙවත් ම නැහැ. අපට පුළුවන් නම් අපටම බය වෙන්න, අපට අපේ බය නැති කරගන්නත් පුළුවන් වෙන්න ඕන.  ගෝතකමින් මිදෙන්න අවශ්‍ය නම් ඒක තමයි කරන්න ඕන.

වැදගත් ම දේ තමයි ගෝතකම අමතක නොකිරීම.  ගොතකම් හඳුනා ගැනීම, ගොතකමින් මිදී ම සඳහා අනිවාර්ය පුර්වකොන්දෙසියක්.

ගෝඨා ට බය අය බයවෙද්දෙන්.  'අපි බය නෑ ඩෝ!' කියල කෑ ගැසුව දෙන්. එහෙම කරල ගෝඨා ව නෙවෙයි මොන ගෝතයෙක් වත් නවත්තන්න බැරි බව එයාලට කවද හරි තේරෙයි.  නොතේරුණත් අපට මොකෝ? අපට වෙන කාර්යයක් තියෙනව.  අපි ගෝතයින්ට බය බව තේරුම් ගැනීම.  ගෝතයින්ට බය බවත් ගෝතයින් අපව බය කරන බවත් අමතක වුන බව මතක් කිරීම. ආයේ අමතක නොකරන්න තීන්දු කිරීම.  සතුරා ඉන්නේ ඈත තැනක නොවේ, අප තුලම බව තේරුම් ගැනීම.

ගෝතයින් විසින්, ගෝතයින් සමග, ගෝතයින් සඳහා ආණ්ඩුවක් වෙනුවට පුරවැසියන් විසින් පුරවැසියන් සමග පුරවැසියන් සඳහා වන ආණ්ඩුවක් ගැන එතකොට අපට කතා කරන්න වරම් ලැබෙයි.

කොඳු ඇති සහ නැති නායකයෝ
ශ්‍රේෂ්ඨාධිකරණය මහජන උවමනාව සහ දේශපාලන උවමනාව පටලවා ගෙන ද?
කොලේ ඉරාගෙන ඇඟේ හලාගන්නේ නැතුව ඉන්න නම්....
මැච්-ෆික්ස් කරල ඇප නැති කර ගැනීම

07 December 2017

So who is afraid of Gotabhaya and why?

Way back in the year 1988 an island-wide poster stamped in the public conscious the notion of political teaser advertisements.  It was a simple question: මේ කව්ද? මොනවාද කරන්නේ (Who is this [and] what is he doing? It did not come in colors associated with any of the major parties.  It was in orange.  It was duly followed by a ‘response’ that began with ‘මෙයා තමයි…([he] is the one [who]…) and went on to detail achievements and pledges.  

That was effectively the launch of Ranasinghe Premadasa’s presidential campaign.  And the color made sense, because orange was the signature that marked his doings, especially the overhead walkways all over Colombo.  It was an idea that is attributed to G.W. Surendra and Victor Hettigoda.  It was executed by Arambawelage Don Upali Ranjith alias Soththi Upali, according to some the only person who could put up posters all over the country at the time.  This was late 1988 and the punchi aanduwa (small government) of the Janatha Vimukthi Peramuna (JVP) could prevail over the government in the game of hit and run.  

That was a time when politicians and political campaigns used posters to almost the exclusion of other propaganda devices.  We live in a different age and yet a poster can still create a buzz.  

Here’s a poster that gave credence to the speculation that Gotabhaya Rajapaksa would contest the 2020 presidential election: ගෝඨා අපේ (Gota is ours).  It was signed, ‘අපි වෙනුවෙන් අපි (us for ourselves),’ the tagline of the campaign to support the security forces during the last years of the war on terrorism, executed when Gotabhaya was the Secretary, Ministry of Defence.  An exercise in branding, obviously.  

A few days later, there’s a response.  A single line against a white background with blood spots at the bottom: ගෝතා බය අමතකද (‘Gothaa Baya Amathakada’ or ‘Have you forgotten the “Gota Terror”?  It’s a play on Gotabhaya’s name. Gota has been corrupted to ‘Gothaa’ which draws from ‘Gothaya.’  ‘Gotha’ in colloquial Sinhala would mean ‘good for nothing’.    Obviously someone clever with words would have come up with the corruption, but it reminds me of certain people in Colombo’s high society absolutely unfamiliar with the name (and its history) innocently mispronounced and even now mispronounces his name.  For them it is ගෝතබයා (Gothabayaa).  

Anyway, if you want to keep playing with names, then here are two that are pretty significant: a) Biyagama (Village of Fear, or Fearful Village) and Gam Udawa (Village Reawakening) which my father used to call ‘Gun Udawa’ or ‘The Reawakening of Guns’.  

What is politically significant is the purpose of this poster war.  The name-play poster was followed by one which directly referred to the pro-Gota poster.   The line was ‘Api venuven mineemaruwek’ or ‘A murderer for us’.  Goes with the blood-stains.  Clever, some may think.

However, we need to ask some questions.  If someone fears a good-for-nothing then doesn’t it say more about the fearful than the feared, especially since there was a poster just over a week ago claiming that the Prime Minister was ‘fearless’?  And if the past is relevant, then we could go back as far as we want.  If the supporters of this government did just that then this government would not be in power simply because the track records of the key figures including candidates, party leaders and an ex-president are not exactly untainted.  

But what is this ‘baya’ or ‘fear’?  I believe that the fear is legitimate on two counts.  First we have the absolute power that Gotabhaya arrogated upon himself.   Nepotism might have resulted in the victory over terrorism, one might argue, and may have given Colombo the facelift and more that it sorely needed, but it also produced arrogance and abuse of authority, not to mention corruption if charges on such grounds are proven correct.  

We can do without such fear.  In fact this government was brought to power because a significant number of key players wanted to be relieved of such fears.  The fact that this government retired the man feared but did not retire fear, so to speak, is of course something to think about.  

However, if an identity-change is what we got then a switch-back won’t make things better, at best.  No reason to support the present set of thugs of course, but the poster makes sense.  The bloody part of it notwithstanding.  ‘Not withstanding,’ one should add, because there’s exaggeration if not a lie right there if one subscribes to the dictum ‘innocent until proven guilty’ and because the finger-pointers have been part of bloody-regimes, the President and Prime Minister included. 

There’s another ‘fear-element’ here.  Fear of the man, not for the kind of thuggery he may unleash on the country, but the existentialist threat to those currently in power.  In attacking Gota, the attackers (obviously those currently in power) betray a strong sense of unease.  If Gota was not a threat, then why bother?  

One remembers how J.R. Jayewardene in the first time candidates were given official airtime on TV, in 1982 dismissed the JVP candidate.  He said (in Sinhala): Other candidates include Hector Kobbekaduwa (he dragged the ‘be’ to make it sound like the bleating of a goat) and Rohan (not Rohana)….(paused as though trying to recollect the name) Wijeweera of the Janatha Vimukthi Pakshaya (not Peramuna).’  Dismissive. Dismissed.  Smart.In this instance, Gota’s detractors are raising his profile, elevating him to the candidate that he is not.  

In other words, what all this indicates is that the government does not feel confident to face the people on its track record alone.  It has to conjure ghosts of the past (selectively of course) and indulge in fear-mongering.  No wonder that the entire pantomime was captured thus (in Sinhala) in social media:

ලසන්ත වික්රමතුංග වරෝ
එක්නැලිගොඩ වරෝ
තාජුඩ්න් වරෝ
කීත් නොයර් වරෝ
මැතිවරණ පැමිණ ඇතෝ

[Come, Lasantha Wickramatunga; come Ekneligoda, come Thajudeen, come Keith Noyhr….come, for elections have come]

The larger lesson is also about fear.  The options expressed or implied by these various posters indicate that there’s someone we should fear and there’s someone who is fearful, both qualities that we should worry about.  The truth is that any candidate who cannot or will not effectively represent is not a candidate worthy of a vote.  

We do not need someone whose effectiveness is wrought (even in part) from the fact that his brother is the President.  We do not need someone who is so insecure that he has to say ‘I am fearless’ and who (going by recent comments about the media) considers any criticism as ‘sinister designs to bring him down and bring back the previous regime’.  What we should fear is the lack of a credible candidate or set of candidates or any kind of leadership among the major political configurations.  That’s something to worry about because it sets the stage for the default option.  We saw and we are seeing what that did after January 2015.  

The politically intelligent thing to do, then, is to enjoy this poster-bickering, laugh out loud, and look elsewhere for political leadership.

Malinda Seneviratne is a freelance writer.  malindasenevi@gmail.com.  

Friends and enemies: a note on the politics of doorways

I have heard people say that there are no permanent friends or enemies in politics. I also remember reading somewhere that if a person has one good friend he should be happy and that if he has two he is extremely fortunate indeed. It seems then that politics is not about friendships and enmities but interests, some that converge and some that don’t.

When Sarath Fonseka decided to run for President, he was seen as a friend who switched loyalties, a loyalist who became an enemy, a traitor. As far as the UNP was concerned, Sarath Fonseka was an enemy while he was engaged in activities that helped Mahinda Rajapaksa. He was called all kinds of nasty names by those who now hail him as friend and benefactor.

As for Fonseka, a man who talks incessantly about himself and is totally self-absorbed, there were rare moments of ‘generosity’ when he acknowledged that the war could not have been executed to conclusion had it not been for the exceptional political leadership and direction of President Mahinda Rajapaksa and the military acumen and overall vision of the Defence Secretary Gotabhaya Rajapaksa.

Today Fonseka’s life has been reduced to whining and vilifying these two men to whom he owes much.

Take S.B. Dissanayake. When he was a powerful minister in Chandrika Kumaratunga’s Cabinet, the UNP spared no pains to attack him. And yet, when he crossed over he was embraced as hero. Kumaratunga’s Government did not mince its words when vilifying the man after he jumped ship.

‘SB’ was one of the strongest critics of Ranil Wickremesinghe’s brand of leadership and was one of the most vociferous among those calling for party reforms and democratization.

Whatever his faults, SB was the last remaining fighter in the UNP. He contested the Central Provincial Council at a time when party heavyweights would crossover rather than stand for election. He polled close to 200,000 votes under the most trying of circumstances.

No one called him ‘traitor’ then. No one objected even when he spoke home truths at the last Working Committee meeting of the party, pointing out that it is a tragedy that the country’s largest party could not field a candidate, had lost its symbol and colour and had to depend on a total outsider for salvation. Today, he is being called ‘traitor’.

That’s how it is, folks. No friendships. Just interests. There is a lesson in all this for politicians.

Given that today’s friend can be tomorrow’s arch enemy, politicians have to operate on the basis that no one can be trusted absolutely.

In hindsight, one can say that Mahinda Rajapaksa’ wisest decision was to depend on his brothers, especially Gotabhaya. There were rumours that Sarath Fonseka is being considered as the next Defence Secretary once he retires from the Army. Just imagine if that had happened, considering what the man is saying and doing right now!

It must be hard for the average politician, who is after all in this business for what he/she can get and not give. ‘Getting’ involves engaging in hanky-panky. One needs accomplices for hanky-panky. A politician can’t really trust accomplices. An accomplice is a possible turn-coat, a potential whistle-blower and is empowered by definition to blackmail. What then is the practical way out of this dilemma?

The easiest way would be to stay clean. ‘Have nothing to hide, have nothing to fear’ is a sound way of operating. It might mean poverty, though. But what if principled politics is a thing long dead and buried? Where does that leave the present day politician? The short answer would be ‘in a soup’.
He/she would have to play the odds in choosing friend/accomplice. It means that every politician is a prisoner of his/her own making. This is hardly thrilling news for the average citizen of course but a consolation prize nevertheless.

Politics, friends, is made of doors. People walk in. People walk out. People come back. They leave. Sometimes they set fire to buildings from within, sometimes from outside. It’s a place for pyromaniacs. It is not a place for the innocent, the trusting; it is designed for schemers, doubters, and masters at staying one step ahead of the crowd. Not for the faint-hearted and naive among crooks.

There are two kinds of people. Those who have to keep their doors closed tight for fear of being found out and those who keep their doors open. The second kind fears no scrutiny. They may not be perfect but are willing to let the people assess their all, the good and bad, the right and wrong, the successes and failures. The first kind is the most dangerous. The close-door politician is an unknown quantity and likely to be more of a viper than a rat-snake or lamb. Or swan, come to think of it.

The second kind, if friend turns foe, will show the person the door and will leave it open in case there is a change of mind. The first kind will not let him/her reach the doorknob, but will put a bullet through the head in an instant. Without any qualms.

Politics is full of the first kind, the leave-no-foe-behind type. There are very few open door politicians. In an ideal world we would only have honourable politicians for whom politics is not a business.

In the real world, it is prudent to opt for the second type, the open-door politician.

This article was first published in the 'Daily News' (December 8, 2009) to which paper I used to write an 'everyday column'.

05 December 2017

Sooriya Village: where everyone will soon know your name

There’s a song from the US sitcom ‘Cheers’ that has been playing in my mind for sometime. For no reason that I can identify, I should add.  This is how it goes:  “Sometimes you want to go where everybody knows your name, and they're always glad you came; you wanna be where you can see, our troubles are all the same; you wanna be where everybody knows your name.”

It’s about recognition, yes.  Recognition comes with frequency, naturally.  If you keep going to the same place for a long time and regularly too, then you end up getting to know others who are as regular and they get to know you in return.  It is also about belonging, and that’s a little bit different.

We revisit places we like, people whose company we enjoy — almost like favorite movies or books.  Each time we watch or read we discover and rediscover, we relive old delights and rejoice in new ones.  We identify ourselves with characters or moments or even particular lines or thoughts.  They grow on you.  

Sooriya Village has grown on me.  

A freelance writer, one might assume, can write from anywhere and just email the story.  True.  Some like to work in silence.  Some like it when there’s some non-intrusive stuff happening.  Conversation fragments, the occasional laugh or sharp exclamation, a bit of music and even chit-chats with random people can constitute a real-world-in-a-nutshell that makes for a nice ‘surround’ to the creative exercise.   Well, for me at least.  

Sooriya Village works for me.  It opens at 10.30 am but the gates are open at 7.00 am.  All I have to do is walk in, find a place to sit and read or write.  Or just be.  There’s enough green and enough nature-sounds to color the place with music until those who are tasked to play the ‘real music’ come in and do their thing.  

There are open and closed places and depending on the mood I can choose either, the latter after about 9.30 am.  Sometimes the quietness of the library beckons, but most times I like to sit outside.  A pot of tea or roti with butter and pol-sambol is what I would order, but most times I just sit and work.  The people who work there ask me what I want and if I say ‘just a glass of water’ they’ll just give it and won’t give me any hard looks.  Just smiles and a few words and even this only if I was in the mood for chit-chat.  They don’t bother me and I try not to trouble them too much.  

Sanchitha Wickramasooriya, the young man who runs the place, never fails to check on me from time to time to ask me if there’s anything I need.  Most times he would give me a thumbs-up sign and an inquiring look and I would reciprocate with a smile and a nod of head that indicated I was fine.  And he does that with everyone.  

Sometimes his father Udena, who is more politically inclined, would stop by for a chat.   There’s a lot we can and do talk about.  One day it would be politics.  One day, environmental issues and tree planting projects.  On another occasion we would talk about the arts, especially music.  Most days, however, he would, like his son, acknowledge presence and go about his business, as I go about mine.

If someone wants to meet me, I say ‘Come to Sooriya Village at such and such a time.’  Some know the place, some have heard or it and some have to be given directions.   I’ve seen people I know coming here for a meal or just to meet someone.  

It draws a certain kind of individual.  And keeps him or her.   The ambience helps.  There’s green, there’s openness, there’s music.  Slow-paced.  Relaxing.  There’s an ‘art presence’ that is signatured here.  Part of it is architectural, with recording and pratice studios and a mini-stage that is used for performances of all kinds, music as well as literary events.  It’s a place that painters  might very well feel was made for them and them alone.  The same would go for poets and other writers.  Sooriya Village, after all, organizes all kinds of events that are of interest to different kinds of artists and art lovers and even if there’s no event on the cards you can still walk in and be convinced that this place is for you and people like you.  

It’s a place that makes you feel belonged.  Both ways.  It belongs to you and you belong to it.  Everyone will get to know your name by and by and then remember it too.  A place where sunlight bends into music and poetry, scrambles into flavor and fragrance, transforms itself into conversation fragments that can be pieced together as a story or a sculptural masterpiece or maybe congeals into a thought or insight that had been refusing to concretize for some time.  

It’s my office.  For now.  A place where everyone knows my name.